Hirunews Logo
%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%84%E0%B6%82%E0%B6%A0%E0%B7%92.
Saturday, 28 April 2012 - 13:49
මලයාසියාවේ ජනතා විරෝධතාවලට තහංචි.
7

Shares
851

Views

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස බලකරමින් සංවිධාන කර ඇති දැවැන්ත උද්ඝෝෂණයකට එරෙහිව මලයාසියානු රජය විසින් අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබෙනවා. බර්සේ නම් වූ මෙම විරෝධතාව ක්වාලාලම්පූර් අගනුවරදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහෙත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැයි පළමුවැනිදා දක්වා අගනුවර ප්‍රධාන චතුරස‍්‍රයට ජනයා එක්රැස්වීම වැළැක්වීමේ නියෝගයක් එරට බලධාරින් විසින් නිකුත් කරනු ලැබුවා. ඒ සඳහා ක්වාලාලම්පූර් නුවර මුරකාවල් රැසක් යොදා ඇති බව සඳහන්. මෙවැනි උද්ඝෝෂණ මගින් ජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරිකම් අඩාලවන බවයි මලයාසියානු රජය පවසන්නේ. අගනුවර පොලිස් සහ හමුදා ආරක්ෂාව ද තර කර තිබෙනවා. තහනම නොතකා විරෝධතාවල නිරතවන පිරිස්වලට එහි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි ක්වාලාලම්පූර් නගරාධිපතිවරයා අනතුරු ඇගවීමක් කළා. පසුගිය වසරේ ජූලි මාසයේදී ද මලයාසියානු අගනුවර මෙවැනි ජනතා විරෝධතාවක් සංවිධාන කෙරුණා. මලයාසියානු රජය එය වර්ධනය කිරීමට පියවර ගත් අතර පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා. එසේ නමුත් එම විරෝධතාවෙන් පසු මලයාසියානු මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා බහුපාක්ෂික පාර්ලිමේන්තු කමිටුවක් ද අග්‍රාමාත්‍ය නජීබ් රසාක් විසින් පත් කරනු ලැබුවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top