Hirunews Logo
%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Monday, 30 April 2012 - 13:06
වෙසක් සතියට පාසල්වල බෞද්ධ වැඩසටහන් මාලාවක්.
3

Shares
433

Views


2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ සැමරුම් වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 2 වැනිදා සිට පාසල් මට්ටමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මැයි මස 8 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන් මාලාවට වෙසක් සැරසිලි නිර්මාණ, ශීල සමාදාන වැඩසටහන්, බොදු බැති ගී ප්‍රසංග මෙන්ම දන්සැල් ද ඇතුළත්.

වෙසක් සතිය තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට දායකත්වය සපයන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුභවතුන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කළා. මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන් විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් මෙන්ම විදුහල්පතිවරුන් ද දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වුණේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,080 Views
3,177 Views
2,644 Views
2,030 Views
1,819 Views
47,575 Views
Top