Hirunews Logo
%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.
Friday, 11 May 2012 - 7:14
මැතිවරණ පැවැත්වීම වළක්වන්න පියවර ගන්න එපා. රනිල්.
12

Shares
1,465

Views

මින් ඉදිරියට කිසිදු මැතිවරණයක් පැවැත්වීම වළක්වන ආකාරයෙන් අධිකරණ නියෝග ගැනීමෙන් වලකින ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් වෙත විපක්ෂ නායකවරයා විසින් නියෝගයක් නිකුත් කොට තිබෙනවා. පසුගියදා උතුරු මැද පළාත් සභාව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලබාගත් අධිකරණ නියෝගයෙන් පසුවයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන  ඇත්තේ.  ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සියලූදෙනා සූදානම් විය යුතු බවද විපක්ෂ නායකවරයා සිය පක්ෂයේ නියෝජිතයින්ට අවධාරණය කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ පැවැත්වීම වළක්වන ආකාරයේ පියවර ගැනීමෙන් වළකින ලෙස ඔහු නියෝග කොට ඇති බව සඳහන්.

 
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සියලූම ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කැඳවා තිබෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේ අරමුණ වන්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා පක්ෂයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීමයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
229 Views
4,411 Views
2,712 Views
2,666 Views
3,374 Views
48,617 Views
Top