Last Updated : 31/10/2014 - 08:47 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
4
shares
508
Views
ඇමති ජී.එල්. හෙට ඇමරිකාවට. 
Sunday, 13 May 2012 - 18:55 | Download hirunews app on Android & Apple
Share this article


 
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හෙට (14) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දින 4ක කාලයක් ඔහු ඇමරිකාවේ රැදී සිටින බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව ද එම ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා. විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය තුළ දී එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි. රජය විසින් සකස් කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක්වනු ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව ඇමරිකානු කොංග‍්‍රස් පක්ෂයේ සහ සෙනෙට් සභාවේ නියෝජිතයන් ද හමුවීමට විදේශ අමාත්‍යවරයා බලාපොරොත්තු වනවා. විදේශ අමාත්‍යවරයා සමග මෙම සංචාරයට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන සහ පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා ද එක්වනු ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළව තිබුණා.



Add/ View comments
  508 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 31 October 2014 - 7:42
බදුල්ල ඇතුළු දිස්ති‍්‍රක්ක 07 කට පනවා තිබූ නායයෑම් අවදානම අද රාති‍්‍ර 7 දක්වා දීර්ඝ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     65  Views  
Share
 1,964  Views   |

Share
 25,250  Views   |
අය - වැය ගුරුවරුන්ට කොහොමද?

Previous Articles
Share
 33,746  Views   |
Share
 22,931  Views   |
Share
 33,168  Views   |