Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.
Sunday, 13 May 2012 - 18:55
ඇමති ජී.එල්. හෙට ඇමරිකාවට.
13

Shares
1,571

Views


 
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හෙට (14) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දින 4ක කාලයක් ඔහු ඇමරිකාවේ රැදී සිටින බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව ද එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා. විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය තුළ දී එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි. රජය විසින් සකස් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක්වනු ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව ඇමරිකානු කොංග්‍රස් පක්ෂයේ සහ සෙනෙට් සභාවේ නියෝජිතයන් ද හමුවීමට විදේශ අමාත්‍යවරයා බලාපොරොත්තු වනවා. විදේශ අමාත්‍යවරයා සමග මෙම සංචාරයට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සහ පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ද එක්වනු ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළව තිබුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,563 Views
3,669 Views
2,677 Views
2,283 Views
2,484 Views
47,985 Views
Top