Last Updated : 19/04/2014 - 06:30 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

උතුරුමැද විසුරුවීමේ අතුරු තහනමට විරෝධතා. 
Monday, 14 May 2012 - 19:11

උතුරමැද පළාත් සභාව විසුරුවා හැරීම වළක්වාලමින් අධිකරණය විසින් පනවා ඇති අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා උතුරුමැද ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අධිකරණයට මූලික විරෝධතාවක් අද (14) ඉදිරිපත් වුණා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි නඩුවක්  අධිකරණය හමුවේ විභාග කොට තීන්දු ලබාදීමට මෙවැනි අධිකරණයකට බලය නොමැති බවයි. මේ නිසා අදාළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප‍්‍රභා කරන ලෙස ද ඔහු උතුරුමැද පළාත්බද අභියාචනා මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා. උතුරුමැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ එම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී අනිල් රත්නායක විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස උතුරුමැද මහ ඇමති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක, පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ඇතුළු 7 දෙනෙකු නම් කර තිබෙනවා. මෙම පෙත්සම මේ මස 16 වැනිදා යළි සලකා බැලීමට නියමිතයි.



Add/ View comments
  Views 138
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Saturday, 19 April 2014 - 18:22
මීගමුව නගරය ආවරණය වන පරිදි සී.සී.ටී.වී කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ...
වැඩි විස්තර...
Share     563  Views  
Share
 288  Views   |

Share
 10856  Views   |
සම සෞඛ්‍ය ගැටළුවට බාධාව ජී.එම්. ඕ. ද?

Previous Articles
Share
 8519  Views   |
Share
 10591  Views   |
Share
 17580  Views   |