Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.
Monday, 14 May 2012 - 19:11
උතුරුමැද විසුරුවීමේ අතුරු තහනමට විරෝධතා.
17

Shares
2,050

Views

උතුරමැද පළාත් සභාව විසුරුවා හැරීම වළක්වාලමින් අධිකරණය විසින් පනවා ඇති අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා උතුරුමැද ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අධිකරණයට මූලික විරෝධතාවක් අද (14) ඉදිරිපත් වුණා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි නඩුවක්  අධිකරණය හමුවේ විභාග කොට තීන්දු ලබාදීමට මෙවැනි අධිකරණයකට බලය නොමැති බවයි. මේ නිසා අදාළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරන ලෙස ද ඔහු උතුරුමැද පළාත්බද අභියාචනා මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා. උතුරුමැද පළාත් සභාව නියමිත කාලයට පෙර විසුරුවා හැරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ එම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනිල් රත්නායක විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස උතුරුමැද මහ ඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක, පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ ඇතුළු 7 දෙනෙකු නම් කර තිබෙනවා. මෙම පෙත්සම මේ මස 16 වැනිදා යළි සලකා බැලීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
861 Views
12,483 Views
4,996 Views
2,742 Views
1,223 Views
8,824 Views
Top