Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Monday, 14 May 2012 - 20:05
ඇමරිකානු හමුදාවන්ට නව ප්‍රහාරක යානයක්.
6

Shares
780

Views

ඇමරිකානු ගුවන්, නාවුක සහ මැරීන් බලකායන් සඳහා එෆ් - 35 වර්ගයේ නවීන පන්නයේ ප්‍රහාරක යානා ලබාදීමට පෙන්ටගනය සැලසුම් කරනවා. තනි එන්ජිමකින් සමන්විත 5 වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානාවක් වන එෆ් - 35 සතුරු රේඩාර්වලින් මිදී ඉලක්කයන් කරා යාමට සමත්. චීනය විසින් 5 වන පරම්පරාවේ ජෙට් යානයක් සිය හමුදාවන්ට එක් කිරීම ද ඇමරිකාව නවීන පන්නයේ ප්‍රහාරක යානා ලබා ගැනීමට එක් හේතුවක්. ඇමරිකානු පෙන්ටගනය විසින් මෙවැනි ජෙට් යානා 2443ක් සිය හමුදාවන්ට ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම නව යානය සංවර්ධනය කිරීමේ අනෙකුත් පාර්ශවකරුවන් ද ඉදිරියේදී එෆ් - 35 ප්‍රහාරක යානාවලින් සන්නද්ධ වනු ඇති.  ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඩෙන්මාර්කය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ සහ තුර්කිය මෙම නවීන යානය සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය දායකත්වය දක්වා තිබෙනවා. ඊට අමතරව ජපානය සහ ඊශ්‍රායලය වෙත ද එෆ් - 35 ප්‍රහාරක යානා ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
116 Views
4,289 Views
2,708 Views
2,615 Views
3,205 Views
48,509 Views
Top