Hirunews Logo
%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Friday, 18 May 2012 - 7:57
එජාපයෙන් සහ දෙමළ සන්ධානයෙන් ආණ්ඩුවට ඒකාබද්ධ ලිපියක්.
17

Shares
2,059

Views



දේශපාලන විසඳුමක් සඳහා වන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාව පිළිබඳ ඒකාබද්ධ ලිපියක් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය විසින් ආණ්ඩුව වෙත යොමුකොට තිබෙනවා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. තේරීම්කාරක සභාවේ න්‍යාය පත්‍රය පිළිබඳ විපක්ෂ නායකවරයා පසුගියදා යොමුකල යෝජනාවට ආණ්ඩුව පෙරේදා ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවේදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඒ අනුව, පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට විපක්ෂයේ සහභාගිත්වය සඳහා පරිසරය සකස් කිරිම වෙනුවෙන් යෝජනා කිහිපයක් ඊයේ ආණ්ඩුවට යොමුකල ලිපියට ඇතුළත් කර තිබෙනවා. 17 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රමය යළි බලාත්මක කිරිම, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ සෑම පාර්ශවයක්ම පිළිගන්නා යෝජනා ක්‍රියාත්මක කිරිම එම ලිපියේ අඩංගු යෝජනා අතර වනවා. මෙම ඒකාබද්ධ ලිපිය සම්බන්ධයෙන් ආණ්ඩුව අද දිනයේ ප්‍රතිචාර දක්වනු ඇති බවටයි විපක්ෂයේ නායකයින් බලාපොරොත්තු වන්නේ. එම ප්‍රතිචාරය මත පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ සහභාගිත්වය පිළිබඳ දැනුම්දීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,144 Views
12,776 Views
5,023 Views
2,839 Views
60 Views
9,230 Views
Top