Hirunews Logo
%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92+-+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F.
Monday, 21 May 2012 - 19:09
ලංකාවට දෙන සහය මදි - කටාර් එමීර්වරයා.
10

Shares
1,313

Views



ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් කරා ළඟා වනු දැකීම කටාර් රාජ්‍යයේ අරමුණ බව එරට එමීර් ෂෙයික් හමාඞ් බින් කලිෆා අල්තානි පවසනවා. ඒ සඳහා කොන්දේසි විරහිතව සහය ලබාදීමට තමන් සූදානම් බවයි එමීර්වරයා ප්‍රකාශ කර ඇත්තේ. කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (20) පැවති සාකච්ජාවකදී ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කටාර් රාජ්‍යය මේ වනවිට ලබාදී ඇති සහය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව එරට එමීර්වරයා ජනාධිපතිවරයා වෙත පවසා තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳව තම රට  ඕනෑකමින් බලා සිටින බවත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට  ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවත් කටාර් එමීර්වරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත ප්‍රතිඥාවක් ලබා දුන්නා.   

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට ක්‍රීඩා ඇකඩමියද ඊයේ (20) පස්වරුවේ නිරීක්ෂණය කළා. අක්කර 800 ක භූමි භාගයක පිහිටි මෙය පාපන්දු ක්‍රීඩාංගන 15 ක් මෙන්ම අංග සම්පූර්ණ ක්‍රීඩාගාරයක් සහ පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විතයි. වසර දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සාදා නිමකර ඇති මෙම ක්‍රීඩා ඇකඩමියේ සියලූ ක්‍රීඩා ඉසව් එකම ස්ථානයකදී පැවැත්විය හැකි ලොව එකම ක්‍රීඩා මධ්‍යස්ථානය ලෙසයි සැලකෙන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,660 Views
3,770 Views
2,683 Views
2,344 Views
2,607 Views
48,071 Views
Top