Last Updated : 17/12/2014 - 08:32 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
අනුරාධපුර දිසා විනිසුරුවරිය දුන් නියෝගයක් අභියාචනාධිකරණය බල රහිත කරයි. 
Monday, 21 May 2012 - 19:11 | Download hirunews app on Android & Apple
2 shares
238 views



මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත් වත්කම් පරිහරණය කිරීම වළක්වාලමින් හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියන්ට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය විසුරුවා හැරීමට අනුරාධපුර දිසා විනිසුරුවරිය ලබාදුන් නියෝගය උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණය විසින් අද (21) බල රහිත කළා. අභියාචනාධිකරණ විනිසුරු සරත් ගාමිණී එදිරිසිංහ මෙම නියෝගය නිකුත් කළේ වත්මන් විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුවයි. අනුරාධපුර දිසා විනිසුරුවරිය විසින් මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත් වත්කම් සහ පුණ්‍යාධාර පරිහරණය කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ අතර, පසුගිය 16 වැනිදා එය ඉවත් කිරීමටයි යළි විනිසුරුවරිය කටයුතු කළේ. මේ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සංවිධාන කටයුතුවලට දැඩි බාධා මතුව ඇති බව වත්මන් විහාරාධිපති හිමියන් අධිකරණයට කරුණු දන්වා සිටියා. ඒ අනුවයි අදාළ වාරණ නියෝගය විසුරුවා හැරීමට දිසා විනිසුරුවරිය දුන් නියෝගය බල රහිත කිරීමට තීරණය කළේ.



Add/ View comments
Archived Comments
Follow Us On
Wednesday, 17 December 2014 - 19:19
ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව කොටි ලේබලය ඇලවීමට රජය කටයුතු කරමින් ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     74  Views  
Share
 806  Views   |

Share
 32,533  Views   |
තිස්ස ආණ්ඩුවට යෑම.

Previous Articles
Share
 37,462  Views   |
Share
 36,501  Views   |