Hirunews Logo
%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.
Monday, 21 May 2012 - 19:11
අනුරාධපුර දිසා විනිසුරුවරිය දුන් නියෝගයක් අභියාචනාධිකරණය බල රහිත කරයි.
3

Shares
424

Views



මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත් වත්කම් පරිහරණය කිරීම වළක්වාලමින් හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමියන්ට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය විසුරුවා හැරීමට අනුරාධපුර දිසා විනිසුරුවරිය ලබාදුන් නියෝගය උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණය විසින් අද (21) බල රහිත කළා. අභියාචනාධිකරණ විනිසුරු සරත් ගාමිණී එදිරිසිංහ මෙම නියෝගය නිකුත් කළේ වත්මන් විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුවයි. අනුරාධපුර දිසා විනිසුරුවරිය විසින් මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත් වත්කම් සහ පුණ්‍යාධාර පරිහරණය කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ අතර, පසුගිය 16 වැනිදා එය ඉවත් කිරීමටයි යළි විනිසුරුවරිය කටයුතු කළේ. මේ හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සංවිධාන කටයුතුවලට දැඩි බාධා මතුව ඇති බව වත්මන් විහාරාධිපති හිමියන් අධිකරණයට කරුණු දන්වා සිටියා. ඒ අනුවයි අදාළ වාරණ නියෝගය විසුරුවා හැරීමට දිසා විනිසුරුවරිය දුන් නියෝගය බල රහිත කිරීමට තීරණය කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,176 Views
3,263 Views
2,652 Views
2,072 Views
1,932 Views
47,650 Views
Top