මායා දමයන්තිගෙන් සුබ ආරංචියක්.
2012 මැයි 30 බදාදා- පෙරවරු 10:35
ගායන ශිල්පිනි මායා දමයන්ති, අපට සුභ ආරංචියක් කිව්වා. එයාගේ ‘‘දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට’’ ගීතය කුෂානිට කියලා බොහෝම අමාරුවෙන් අලූතින් ලස්සනට කලා. ඒක ගොඩක් ලස්සනයි කියලා එයා කිව්වා. අපි මායා දමයන්තිගෙන් ඇහුවා කුෂානි නෙමෙයි වෙන කවුරු හරි ඔයාගේ සින්දුවක් කියන්න ඉල්ලූවොත් මොකද කියන්නේ කියලා ? ඕනි කෙනෙක් මගේ සින්දු කිව්වට කමක් නෑ මං හරි ආසයි මට ආදරේ නිසානේ මගේ සින්දු කියන්නේ කියලා තමයි එයා කිව්වේ. හැබැයි රෙකෝඩින් කරන්න නම් ඉඩ දෙන්නේ කුෂානි දුවටයි, මගේ පොඩි දුවටයි විතරක් කියලත් එයා අපිට කිව්වා.
