දෙවියන් මැවූ ජෝඩුව - රබ්නේ බනාදි ජූඩි.
2012 ජූනි 01 සිකුරාදා- පෙරවරු 08:21
ඔබ මේ කථාව විශ්වාස කරයි ද මංදා. රන්බීර් කපූරුයි දීපිකා පාදුකෝනියි ආපහු ආදරේ කරන්න පටන් අරන් වගේ. පරණ පෙම්වතුන්ව ආපහු එකතු කරලා තියෙන්නේ Yeh Jawani Hai Deewani Film එක. මේ දෙන්නා තරහ වුණාට පස්සේ එකට රගපාන පළමුවෙනි වතාවනේ මේක. ආරංචියේ හැටියට Film එකේ Shooting වලට තෝරගෙන තියෙන්නේ හරි ලස්සන පළාතක්. ඒකත් එක හේතුවක් වෙන්න ඇති රන්බීර්ටයි දීපිකාටයි ඒ දෙන්නගේ පරණ ආදරේ ආපහු මතක් වෙන්න. මේ කතාව අහද්දී අපිට නම් හිතුනෙ දෙවියො දීපිකා පාදුකෝනිව මවලා තියෙන්නේ රන්බීර් කපූර් වෙනුවෙන්මයි.
