Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+150%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Monday, 04 June 2012 - 12:31
ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 150ක් කේරළයේ දී කොටුවෙයි.
17

Shares
2,079

Views

අනවසරෙන්  ඕස්ට්‍රේලියාව බලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු ඉන්දියාවේ කේරළ වෙරළ තීරයේ දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව  ඕස්ට්‍රේලියාව බලා යාමට තැත් කළ බවටයි වාර්තා වන්නේ. එම පුද්ගලයින් 150 දෙනා අතර කාන්තාවන් 19 දෙනෙකු සහ ළමුන් 20 දෙනෙකු වන බව ඉන්දීය පොලීසිය පවසනවා. මෙලෙස  ඕස්ට්‍රේලියාව බලා යාමට එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක්, ලක්ෂ 5ක් අතර මුදලක් අය කරගෙන තිබෙනවා. මෙම පුද්ගලයින්ගෙන් බහුතරයක් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්. නීති විරෝධීව  ඕස්ට්‍රේලියාව බලා මෙම පුද්ගලයින් රැගෙන යාම සම්බන්ධීකරණය කළ පුද්ගලයා සහ කේරළ මුහුදු තීරයට පැමිණි යාත්‍රාවේ කපිතාන්වරයා ඇතුළු එහි සේවකයින් පිරිස අතුරුදන්ව ඇති බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
575 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,631 Views
56,753 Views
Top