ශ‍්‍රී ලංකාවේ හරිත සමාගම් නම් කෙරේ.
2012 ජූනි 10 ඉරිදා- පෙරවරු 08:36
මෙරට පෞද්ගලික සමාගම් 7 ක් හරිත රැකියා අවස්ථා සළසන අතර සේවකයන්ට ගෞරවනීය සේවා තත්ත්වයක් සළසමින් පාරිසරික තිරසාර භාවයක් අත්කරගෙන ඇති බව ලෝක කම්කරු සංවිධානය පවසනවා. එමගින් සිදුකරන ලද ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුවයි මෙලෙස සමාගම් 50 ක් පරිසර හිතකාමී ලෙස නම් කර ඇත්තේ. එම ලැයිස්තුවට නම් කර ඇති ශ‍්‍රී ලාංකික සමාගම් 7 න් දෙකක් පෞද්ගලික අංශයේ බැංකු වන අතර සංචාරක හෝටල් ව්‍යාපෘති 2 ක් මෙන්ම ඇඟළුම් ව්‍යාපෘති 2 ක් සහ වතු වැවිලි සමාගමක්ද ඊට ඇතුළත්. ව්‍යාපාර කටයුතු පරිසර හිතකාමී අන්දමින් පවත්වාගෙන යාමෙන් ජාත්‍යන්තර වෙළඳ පොළේ ඊට හිමිවන්නේ ඉහළ පිළිගැනීමක්. එය ශ‍්‍රී ලාංකික සමාගම්වල වර්ධනයට හේතු වනු ඇති බවයි ලෝක කම්කරු සංවිධාන සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වූ හාම්පුතුන්ගේ සම්මේලනය සඳහන් කළේ.
