ප‍්‍රංශ මහ ඡන්දයේ පෙරමුණ වාමාංශිකයින්ට.
2012 ජූනි 11 සඳුදා- පෙරවරු 08:07
ප‍්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ප‍්‍රංශුවා හොලාන්ඞ්ගේ නායකතවයෙන් යුත් වාමාංශික පෙරමුණ ඉදිරියෙන් පසුවන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මේ වනවිට ගණනය කර ඇති ඡුන්ද සංඛ්‍යාවෙන් සියයට 46 ක් ලබා වාමාංශික පෙරමුණ ඉදිරියෙන් පසුවනවා. පාර්ලිමේන්තු ආසන 577 ක් සඳහා පැවැත්වෙන මෙවර මැතිවරණය සඳහා එරට ලියාපදිංචි ඡුන්ද දායකයින්ගෙන් සියයට 57 ක් ඡුන්දය භාවිතා කර ඇති බව සඳහන්. මීට අමතරව මෙවර මැතිවරණයෙන් ජනාධිපති ප‍්‍රංශුවා හොලන්ඞ්ගේ නායකත්වයෙන් යුත් වාමාංශික පෙරමුණ ජයග‍්‍රහණය කළහොත් 1980 න් පසු එරට බිහිවන පළමු වාමාංශික ආණ්ඩුව බවට එය පත්වනවා.
