නවෝද්‍යාගේ පෙම්වතා කවුද?
2012 ජූනි 11 සඳුදා- පෙරවරු 08:48
හිරු ටී.වී. ඔස්සේ විකාශය වන වැහිලිහිණි ටෙලි නාට්‍යයේ නවෝද්‍යාගේ චරිතයට තාම පෙම්වතෙක් නෑ. හැබැයි නවෝද්‍යාගේ චරිතයට රංගන දායකත්වය ලබාදෙන ජනප‍්‍රිය නිලි මේනකා පීරිස් කිව්වේ නවෝද්‍යාගේ පෙම්වතා වෙන්න චරිත තුන හතරක් උත්සාහ දරන බවයි. හැබැයි ඒක හිරු ටී.වී. ඔස්සේ වැහි ලිහිණි ටෙලි නාට්‍යය නැරඹුවොත් ඉදිරියේදී බලාගන්න පුළුවන් කියලයි මේනකා පීරිස් කියන්නේ. කොහොම වුණත් තමන්ගේ ජීවිතයේ 7 වෙනි ටෙලි නාට්‍ය වුණු වැහිලිහිණි ටෙලි නාට්‍ය ලකී සෙවන් කියලයි ඇය හිතාගෙන ඉන්නේ.
