අයිෆා සම්මාන කාටද ?
2012 ජූනි 12 අඟහරුවාදා- පෙරවරු 08:12
පසුගිය සති අන්තයේ දී 13 වැනි අයිෆා සම්මන උළෙල පැවැත්වුණා. ඉතින් අපිට හිතුනා කාට කාටද සම්මාන හම්බ වුණේ කියලා ටිකක් හොයලා බලන්න. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි වගේම මේකෙදිත් හොදම චිත‍්‍රපටය හැටියට තේරුනේ සින්දගී නා මිලේගි දෝ බාරා. ඒ වගේම හොදම කථාව, හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙනුත් සම්මාන ලැබුණෙත් ඒ චිත‍්‍රපටයටමයි. රොක් ස්ටාර් චිත‍්‍රපටයේ රඟපාපු රන්බීර් කපූර් හොඳම නළුවා වෙනකොට හොදම නිළිය වුණේ ඩර්ටි පික්චර් චිත‍්‍රපටයේ රඟපාපු විද්‍යා බාලන්. අයිෆා සම්මාන උළෙල පිටුපස්සෙ හැංගුන තව රස කතා ටිකකුත් තියෙනවා. හිරු අහගෙන හිටියොත් ඔබට ඒවත් දැන ගන්න පුළුවන්.
