ඇමරිකානු - පාකිස්තාන සාකච්ඡා බිඳ වැටේ.
2012 ජූනි 12 අඟහරුවාදා- පස්වරු 12:44
නේටෝ හමුදාවන් ඇෆ්ගනිස්ථානයට ගමන් ගන්නා මාර්ගය පාකිස්තානය විසින් වසා දැමීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන සාකච්ඡාවලින් ඇමරිකාව ඉවත් වීමට තීරණය කර තිබෙනවා. පෙන්ටගනයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාවල නිරත වූ ඇමරිකානු කණ්ඩායම ද නැවත සිය රට ගෙන්වාගෙන ඇති බවයි. එහෙත් මෙම සාකච්ඡාවල බිඳ වැටීමක් සිදුව නොමැති බව පාකිස්තානය පවසනවා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමාවේ දී නේටෝව එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබලූන් 24 දෙනෙකු මිය යාමෙන් පසුව ඔවුන් විසින් මෙම මාර්ගය වසා දැමුවා. පාකිස්තානය සිය රට හරහා ඇෆ්ගනිස්ථානයට ගමන් කරනු ලබන ට‍්‍රක් රථයකින් ඩොලර් 5000ක මුදලක් ඉල්ලා සිටීම සහ මිය ගිය පාකිස්තානු සෙබලූන් වෙනුවෙන් ඇමරිකාව සමාව අයැද සිටීම දෙරට අතර මතභේදාත්මක තත්ත්වය ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්. මේ වන විට ඇෆ්ගනිස්ථානය කරා ගමන් කිරීමට නියමිත ට‍්‍රක් රථ විශාල ප‍්‍රමාණයක් පාකිස්තානය තුළ නවතා තිබෙනවා.
