Hirunews Logo
%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
Tuesday, 12 June 2012 - 18:28
ජ.වි.පෙ. තෙල් මිල ගැන විවාදයක් ඉල්ලයි.
13

Shares
1,576

Views

තෙල් සංස්ථාව විසින් තෙල් මිල පහත නොදැමීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. තෙල් මිල අඩුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට උණසුම් කථා බහක් ඇතිවී තිබෙන්නේ පසුගිය ඉරිදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මාධ්‍ය හමුවේදි සිදුකළ ප්‍රකාශයත් සමගයි. එහිදී අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුවූවත් මෙරට තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි. මේ එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.



ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා නගන චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (11) ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගෙන් විමසීමක් කළා. මේ එහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.



කෙසේ වුවත් අද නිවේදනයක් නිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරන්නේ තෙල් මිල සම්බන්ධයෙන් විවාදයකට තමන් සූදානම් බවයි. ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.



මේ අතර එක්සත් ජාතික පක්ෂයද කොළඹදී අද (12) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවීමේ වාසිය මෙරට ජනතාවට ලබාදීම සඳහා ආණ්ඩුවට ක්‍රමෝපායන් නොමැති බවයි.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,199 Views
3,286 Views
2,653 Views
2,081 Views
1,986 Views
47,671 Views
Top