Hirunews Logo
%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 13 June 2012 - 18:27
දෙමළ ඩයස්පෝරාවට නිසි පිළිතුරක්.
19

Shares
2,353

Views

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් වූ අතිශය සාර්ථක නිළ සංචාරයක් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ වජ‍්‍ර ජයන්ති උත්සවයට සහභාගි වීම සඳහා එරට රජ පවුලේ නිල ආරාධනයෙන් ජනාධිපතිවරයා සිදු කළ සංචාරය පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරිමේ සාකච්ඡාවකට අද එක්වෙමින්. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් බ්‍රිතාන්‍යයේ සිදු කළ ඉහළම සංචාරය මෙයයි. ජනාධිපතිවරයාට මීට අදාළ ආරාධනය බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ලැබුණු අතර විශේෂ ආරක්ෂාවක් ද සලසනු ලැබුවා. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ජනාධිපතිවරයාගේ සංචාරයට එරෙහිව කුමන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළත් ඒවා අසාර්ථක වීම ද විශේෂත්වයක්. අනෙක් රාජ්‍ය නායකයන් සියලූදෙනා පොදුවේ එක් බස් රථයකින් ගමන් කරද්දී ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාට වෙනම වෙඩි නොවදින වාහනයක් ලබා දී තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබුණා. දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම්වලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම සංචාරය තුළින් නිසි පිළිතුරක් ලැබුණු බවයි ජනාධිපති ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ. එම අවස්ථාවට එක් වූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් ප්‍රකාශ කළේ මහ රැජිනගේ උත්සවයට සමගාමීව ජනාධිපතිවරයාට සහභාගි වීම සඳහා විවිධ අවස්ථා 7 කට ආරාධනා ලැබී තිබූ බවයි. රට වෙනුවෙන් එම සියලූ අවස්ථාවන්හිදී උපරිම වාසිය ලබා ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටියා.

 

මෙම සංචාරයේ වැදගත්ම කොටස දෙමළ ඩයස්පෝරාවට ශ්‍රී ලංකාව යටත් නොවීමේ තීරණය බව ජනාධිපතිවරයා සමග බ්‍රිතාන්‍ය සංචාරයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ප්‍රකාශ කළා. කොටි හිතවාදී ඩයස්පෝරාව බ්‍රිතාන්‍යය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ ක්‍රියාකාරකම් සිදුකළා. එමගින් ඔවුන්ට බ්‍රිතාන්‍යයට එල්ල කළ හැකි බලපෑම පිළිබඳව ද මෙහිදී එරට නායකයන් නිසි අයුරින් දැනුවත් වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
731 Views
3,220 Views
3,741 Views
5,438 Views
16,966 Views
57,009 Views
Top