මිනිස් බල හුවමාරුවට ඕමානය සමග ගිවිසුමක්.
2012 ජූනි 14 බ්‍රහස්පතින්දා- පස්වරු 12:40
ඕමානය සමග මිනිස් බල හුවමාරුව සහ පුහුණු ක්‍ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට රජය සූදානම් වනවා. ඕමානයට රැකියා සඳහා පිටත්ව යන මෙරට සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සහ සුබාසාධනය තහවුරු කිරීම මෙහි අරමුණයි. දැනට ඕමානයේ 25000 කට ආසන්න මෙරට ශ‍්‍රමිකයින් සංඛ්‍යාවක් විවිධ වෘත්තීන්වල සේවයේ නිරතවන අතර ඉන් සියයට 55 ක් ම ගෘහ සේවක සේවිකාවන්. අදාළ ගිවිසුමට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති බවයි කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ. මෙරට ගෘහ සේවිකාවන් සේවයේ නිරත එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, කටාරය, බහරේනය, ජෝර්දානය සහ කුවේට් වැනි රටවල් සමගද ඉදිරියේදී මෙවැනි අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
