ඉන්දියාවේ අනතුරුවලින් 35 ක් මරුට.
2012 ජූනි 14 බ්‍රහස්පතින්දා- පස්වරු 06:47
ඉන්දියාවේ ප‍්‍රදේශ දෙකක සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් 31 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් එක් අනතුරක් සිදුව ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ විශාකාපට්නම් හි යකඩ කර්මාන්තශාලාවක් පිපිරී යාමෙන්. කර්මාන්තශාලාවේ නවීකරණය කළ ඔක්සිජන් ඒකකය විවෘත කිරීමත් සමග එය පුපුරා ගොස් තිබෙනවා. එම පිපිරීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පිපිරීමෙන් කර්මාන්තශාලාවටද බරපතල හානි සිදුව තිබෙනවා. මේ අතර, පුද්ගලයන් පිරිසක් සමග ලූණු ප‍්‍රවාහනය කරමින් තිබූ ට‍්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනෙක් අනතුර සිදුවුණා. ඒ ගුජරාට් ප‍්‍රාන්තයෙන්. එම අනතුරෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව 15 දෙනෙකු තුවාල ලැබුවා.
