බ‍්‍රැඞ්බි පළමු ගැටුම අද රාජකීය පිටියේදී.
2012 ජූනි 16 සෙනසුරාදා- පස්වරු 12:53
බ‍්‍රැඞ්බි පලිහ සඳහා කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන රග්බි තරඟාවලියේ පළමු තරගය කොළඹ රාජකීය විද්‍යාල ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැත්වෙනවා. මෙවර රාජකීය කණ්ඩායමට හර්ෂඞ් ජමල්ඞීන් නායකත්වය ලබාදෙන අතර ත‍්‍රිත්ව කණ්ඩායමට මුරාඞ් රම්සින් නායකත්වය ලබාදෙනු ඇති. 1920 දී ආරම්භ වූ බ‍්‍රැඞ්බි පලිහ සඳහා පැවැත්වෙන රග්බි තරඟාවලිය අවස්ථා 37 කදී ත‍්‍රිත්ව විද්‍යාලය විසින් ජයග‍්‍රහණය කර ඇති අතර, රාජකීයයන් 30 වතාවක් බ‍්‍රැඞ්බි පලිහ හිමිකරගත්තා. මෙවර බ‍්‍රැඞ්බි තරඟාවලියේ දෙවන තරඟය ලබන 30 වැනිදා මහනුවරදී පැවැත්වෙනු ඇති.
