සවුදියේ ඔටුන්න හිමි කුමරු මියයයි.
2012 ජූනි 16 සෙනසුරාදා- පස්වරු 05:22
සවුදි අරාබියේ ඔටුන්න හිමි නායිෆ් බින් අබ්දුල් අසීස් අල් සවුද් කුමරු මියගොස් තිබෙනවා. ඔහු වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණදීම සඳහා රටින් පිට වී සිට ඇති අතර, එසේ ගොස් සිටි අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. සවුදියේ ඔටුන්න හිමි නායිෆ් කුමරුගේ වයස අවුරුදු 78 ක්. ඔහු මීට පෙර සවුදියේ නියෝජ්‍ය අගමැතිවරයා සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. ඔහු 2011 වසරේදී සවුදියේ ඔටුන්න හිමි කුමරයා ලෙස නම් කෙරුණු අතර, වත්මන් සවුදි රජු වන 89 වියැති අබ්දුල්ලාගෙන් පසු එම තනතුර හිමිවීමට නියමිතව තිබුණා. නායිෆ් කුමරු මියයාමත් සමග මීළඟට ඔටුන්න හිමි කුමරා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ රියාද් නුවර ආණ්ඩුකාරවරයා වන සල්මන් කුමරුයි.
