Hirunews Logo
%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.
Saturday, 16 June 2012 - 18:34
කල් ඉකුත් වූ සිමෙන්ති කොට්ට දසදහසක්.
15

Shares
1,881

Views

කල් ඉකුත් වූ සිමෙන්ති තොගයක් නැවත අසුරා විකිණීමට සූදානම් කර තිබූ ස්ථානයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද (16) වටලනු ලැබුවා. කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ මෙම ගබඩාව පිහිටා තිබූ අතර, සිමෙන්ති කොට්ට 7000 ක් පමණ එහි සූක්ෂම ලෙස යළි අලෙවියට සූදානම් කරමින් තිබූ බවයි අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේ. අදාළ ගබඩාව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ගබඩාවක් වීමද විශේෂත්වයක්. ඉන් කොටසක් නැවත අසුරනවලට පුරවා තිබූ අතර, අනෙක් සිමෙන්ති ඒ සඳහා සූදානම් කරමින් තිබුණා. පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකළ අතර, සිමෙන්ති තොගය සහ ඒවා ඇසුරුම් කිරීමට යොදාගත් භාණ්ඩද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් බව කියන මෙම සිමෙන්ති තොගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය එම සංස්ථාවේ සභාපති සිසිර පරනගමගෙන් විමසීමක් කළා.



මේ අතර, ඉන්දියාවෙන් ආනයනය කළ කල් ඉකුත් වූ සිමෙන්ති තොගයක් බණ්ඩාරගම ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී පොලිසිය අද සොයාගෙන තිබෙනවා. බණ්ඩාරගම පොලිසිය සඳහන් කළේ සිමෙන්ති කොට්ට 3200 ක් පමණ එහිදී සොයාගත් බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,607 Views
3,718 Views
2,680 Views
2,311 Views
2,538 Views
48,021 Views
Top