ජගත් සංවිධානය සිරියාවේ නිරීක්ෂණ අත්හිටුවයි.
2012 ජූනි 17 ඉරිදා- පෙරවරු 07:41
සිරියාවේ නිරීක්ෂණ කටයුතුවලින් ජගත් සංවිධානය ඉවත් වී තිබෙනවා. ඔවුන් පවසන්නේ සිරියාව තුළ පවතින ප‍්‍රචණ්ඩකාරී තත්ත්වය පහවන තුරු සිය නිරීක්ෂණ කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බවයි. පසුගිය දින 10 තුළ සිරියාවේ ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා සීග‍්‍ර ලෙස වැඩිවී ඇති බවයි ජගත් සංවිධාන නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව සිය නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට බාධා පැමිණ ඇති බවද ඔවුන් සඳහන් කළා. පසුගිය දින 2 තුළ පමණක් සිරියාව තුළ සිදුවූ ගැටුම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
