නියං තත්ත්වයට වී ප‍්‍රභේද 3ක්.
2012 ජූනි 17 ඉරිදා- පස්වරු 07:09
නියං තත්ත්වයට ඔරොත්තු දෙන නව වී ප‍්‍රභේද 3ක් මේ වන විට හඳුනාගෙන ඇති බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනය පවසනවා. එහි අධ්‍යක්ෂ නිමල් දිසානායක සඳහන් කළේ තවදුරටත් නියඟට ඔරොත්තු දෙන නව වී ප‍්‍රභේද හඳුනා ගැනීම සඳහා පර්යේෂණ සිදුකරන බවයි. මෑත කාලීනව මෙරට දේශගුණික රටාවේ වෙනස්වීම් සමග වියළි කලාපයට ලැබෙන වර්ෂාපතනය ක‍්‍රමයෙන් අඩුවීම හේතුවෙන් අපේක්ෂිත වී අස්වනු ලැබී නැහැ. මේ නිසාවෙනුයි නව වී ප‍්‍රභේද හඳුනා ගැනීමේ පර්යේෂණවල බතලේගොඩ වී පර්යේෂණ ආයතනය නිරත වන්නේ.
