හොලාන්ඞ්ගේ බලය තහවුරු වේ.
2012 ජූනි 18 සඳුදා- පෙරවරු 07:50
ප‍්‍රංශ මහ මැතිවරණයේ ජය හිමි කරගැනීමට ජනාධිපති ප‍්‍රංශුවා හොලාන්ඞ්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී පක්ෂය සමත්වී තිබෙනවා. ඔවුන් මේ වනවිට පාර්ලිමේන්තුවේ ආසන 577 න් 315 ක් දිනාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර හිටපු ජනාධිපති නිකොලොස් සාර්කෝසිගේ යූ.එම්.පී. පක්ෂය මෙවර මැතිවරණයේදී දිනාගැනීමට සමත්වී ඇත්තේ ආසන 214 ක් පමණයි. ඒ අනුව ප‍්‍රංශුවා හොලාන්ඞ්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී පක්ෂය මෙම මැතිවරණය ජයග‍්‍රහණය කිරීමත් සමගම 1980 න් පසු ඉතිහාසයේ පළමු වතාවටයි ප‍්‍රංශයේ වාමාංශික රජයක් බිහිවන්නේ.
