ලංකාවේ හුවාවි ස්මාර්ට් නියෝජිතයා සිංගර් ශ‍්‍රී ලංකා.
2012 ජූනි 18 සඳුදා- පෙරවරු 07:52
සිංගර් ශ‍්‍රී ලංකා ආයතනය හුවාවි ස්මාර්ට් ජංගම දුරකථන ශ‍්‍රී ලංකාවේ එකම නියෝජිතයා බවට පත්ව තිබෙනවා. ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණයෙන් ක‍්‍රියාත්මක වන මෙම ජංගම දුරකථනය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පද්ධතියකින්ද සහිතයි. ලොව පිළිගත් හුවාවි සමාගම අඩුම මිල ගණන් යටතේ දැනට වෙළඳ පොළට ජංගම දුරකථන හඳුන්වා දී තිබෙනවා. දැනට ශ‍්‍රී ලංකාවේද තරුණ පරපුර අතර මෙම ජංගම දුරකථන බොහෝ සෙයින් ජනප‍්‍රියව ඇති බවයි සිංගර් ශ‍්‍රී ලංකා ආයතනය සඳහන් කරන්නේ. ඉදිරියේදී එම සමාගම මෙරට වෙළඳපොළට අඩුම මිල ගණන් යටතේ ජංගම දුරකථන කිහිපයක් හඳුන්වා දීමටද නියමිතයි.
