ශ‍්‍රී ලංකා - පාකිස්ථාන අවසන් තරඟය අද.
2012 ජූනි 18 සඳුදා- පෙරවරු 07:54
සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් සහ පස්වන තරඟය අද (18) කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රී තරඟයක් ලෙස පැවැත්වෙනවා. මේ වනවිට තරඟාවලියේ තරඟ 2 ට 1 ක් ලෙස ජයග‍්‍රහණය කර ඉදිරියෙන් පසුවීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. අද පැවැත්වෙන තරඟයේදී පකිස්ථානු කණ්ඩායමේ පිිතිකරු ලැයිස්තුවේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බවයි පකිස්ථානු ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වුවත් අද තරඟයට සුපුරුදු ශි‍්‍රී ලංකා කණ්ඩායම තරඟ වදිනු ඇති. ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මේ වනවිට එක්දින ක‍්‍රිකට් තරඟාවලි 11 ක් පවත්වා ඇති අතර ඉන් තරඟාවලි 7 ක ජය පකිස්ථානු කණ්ඩායමටද 4 ක ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමටද හිමිවී තිබෙනවා.
