ඉදිරි මාස 12ට ආහාර තියෙනවලූ.
2012 ජූනි 18 සඳුදා- පස්වරු 06:53
ඉදිරි මාස 12 ට අවශ්‍ය ආහාර, කෘෂිකර්ම අමාත්‍යාංශය සතු බව විෂය භාර අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ කන්න දෙකම වගා නොකලත් ජනතාව කුසගින්නේ තැබීමට රජය සූදානම් නොමැති බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආසියානු හා පැසිෆික් කලාපීය රටවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන ආසියානු ඵලදායිතා සංවිධානයේ වාර්ෂික සමුළුවට මීගමුවේදී අද (18) එක්වෙමින්. මෙම සම්මේලනයට බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඉරානය, මලයාසියාව, නේපාලය, පාකිස්ථානය, ශ‍්‍රී ලංකාව, තායිලන්තය සහ වියට්නාමය යන රටවලින් නියෝජිතයන් 24 දෙනෙකු සහභාගි වී සිටියා. මෙම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි දෙසතිය තුළ වැසි නොලැබුණු ප‍්‍රදේශවලට වර්ෂාව ලැබෙතැයි අපේක්ෂා කරන අතර කුමන ගැටලූවක් පැවතියත් එයට මුහුණ දී ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි.
