පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ‍්‍රී ලංකාවට.
2012 ජූනි 19 අඟහරුවාදා- පෙරවරු 07:44
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (18) පැවැති 5 වන සහ අවසන් එක්දින තරගය ජය ගනිමින් ශ‍්‍රී ලංකා පිළ එක්දින තරගාවලිය තුනට එකක් ලෙස ජයගනු ලැබුවා. දිවා රාත‍්‍රී තරගයක් ලෙස ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගය ශ‍්‍රී ලංකාව ජය ගනු ලැබුවේ කඩුලූ 2කින්. කාසියේ වාසිය දිනා පාකිස්තානු නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව නියමිත පන්දු වාර 50 අවසානයේ දී කඩුලූ 7ක් දැවී ඔවුන්ට ලබා ගත හැකිවූයේ ලකුණු 247ක් පමණයි. ලකුණු 248ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 4කදී කඩුලූ 8ක් පමණක් දැවී සිටියදී එම ඉලක්කය පසු කර ගියා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 80යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 54යි. කුමාර් සංගක්කාර ලකුණු 40ක් ලබා ගත්තා. අවසන් තරගයේ වීරයා බවට ඇන්ජලෝ මැතිව්ස් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා වූයේ තිසර පෙරේරායි.
තරගාවලි ජයග‍්‍රහණයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන කියා සිටියේ තරගාවලියේ ජයග‍්‍රහණයට සියලූම ක‍්‍රීඩකයන්ගේ කැප වීම අතිශය වැදගත් වූ බවයි.
ඉදිරියේදී පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය පිළිබදව ද මහේල ජයවර්ධන අදහස් දැක්වූවා.
