මේවගේ රජ වැඩ
2012 ජූනි 19 අඟහරුවාදා- පෙරවරු 08:20
වයි දිස් කොලවරි නිසා ලෝක ප‍්‍රසිද්ධ වුණ ධනූෂ් රජකාලෙ වැඩක් කරලා. රට වැසියො තමන් ගැන මොනවද හිතන්නෙ කියලා දැන ගන්න ඉස්සර හිටපු රජවරු වෙස්වලාගෙන රට පුරා ඇවිද්දනෙ. ඒ වගේම මෙයත් වෙස් වලාගෙන පසුගිය දවස්වල නගරෙ පුරාම ඇවිදලා. හැබැයි රසික රසිකාවියො තමන් ගැන කථා වෙන්නෙ මොනවද කියලා දැන ගන්න නෙමේ. ඔහුට ලැබුණ අලූත්ම චරිතය රඟපාන්න අත්දැකීම් ටිකක් ගන්න. මේ චිත‍්‍රපටයේ නම රංජනා. සෝනම් කපූර් තමයි රංජනාගෙ චරිතය රඟපාන්නෙ. ධනුෂ්ට ලැබිලා තියෙන්නෙ බ‍්‍රාහ්මණ වංශයෙ තරුණයෙක්ගෙ චරිතයක්ලූ. ඒ වගේම ඔහු හාහපුරා කියලා බොලිවුඞ් වරම් ලබා ගන්නෙ රංජනා නිසා. ඉතින් ධනුෂ්ට තමන්ගෙ චරිතය සාර්ථකව රඟපාන්න උදව්වක් හැටියට අධ්‍යක්ෂවරයා සුපිරි නළු රාජ් කපුර්ගෙ ඞී.වී.ඞී. වගයකුත් ඔහුට දීලා තියෙනවා කියලා අපිට ආරංචියක් ලැබුණා.
