ගොවීන් දහස් ගණනක් තලාව හන්දියේ.
2012 ජූනි 19 අඟහරුවාදා- පස්වරු 12:34
ජලය නොමැති නිසා තම වගා පාළු වූ බව පවසමින් සහ ඊට වන්දි ඉල්ලමින් තලාව, නොච්චියාගම ප‍්‍රදේශවල ගොවිජනතාව අද (19) විරෝධතාවක් ආරම්භ කළා. ඒ, තලාව මං සන්ධියේදීයි. ගොවීන් දහස් ගණනක් ඊට එක්ව සිටින අතර මේ වන විටත් මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට තිබෙනවා. ගොවීන් පවසන්නේ හමුදා රථ, ගිලන් රථ සහ පාසල් දරුවන්ට පමණක් මාර්ගයේ ගමනාගමනයට ඉඩ සලසන බවයි. මහවැලි ජලය ප‍්‍රමාණවත් බැවින් ගොවිතැන් කටයුතු සිදුකරන ලෙස තමන්ට බලධාරීන් දැනුම් දුන් බවත් මේ වන විට තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් විරෝධතාවට එක්ව සිටින ගොවීන් ප‍්‍රකාශ කරනවා.
