ජී - විස්සේ වැඩි අවධානය යුරෝපයට.
2012 ජූනි 19 අඟහරුවාදා- පස්වරු 01:02
මෙක්සිකෝවේ පැවැත්වෙන ජී - 20 සමුළුවේ දී යුරෝපය කෙරෙහි ලෝක නායකයන් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. මේ වන විට යුරෝපා රටවල් රැසක් ආර්ථික අර්බුදවලට මුහුණ දෙමින් සිටිනවා. යුරෝපා ආර්ථිකය බිද වැටුණහොත් එය ලෝක ආර්ථිකයට බරපතල පහරක් වන නිසා ජී - 20 සමුළුවේ දී යුරෝපා ආර්ථිකය යළි ගොඩනැංවීම කෙරෙහි මෙලෙස අවධානය යොමු වනු ඇති. දිනෙන් දින ඉහළ යන ඉන්දියාවේ විරැකියාව සහ උද්ධමනය පාලනය කිරීම කෙරෙහි ද මෙහිදී ජී - 20 සමුළුවට පැමිණෙන නායකයන් සාකච්ඡා කරනු ඇතැයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළා.
