11 දෙනෙකු මීගමුව හිර ගෙදර වහලේ.
2012 ජූනි 19 අඟහරුවාදා- පස්වරු 01:05
මීගමුව බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් මේ වන විට එහි ගොඩනැගිල්ලක වහලයක් මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි සඳහන් කළේ බන්ධනාගාර රැදවියන් 11 දෙනෙකු පමණ මෙම උපවාසයට එක්ව ඇති බවයි. තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මොවුන් විරෝධතාවයේ නිරත වන බව ද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
