ඩෙංගු මර්දනය අසාර්ථකයි. - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු.
2012 ජූනි 20 බදාදා- පස්වරු 12:12
කොළඹ මහ නගර සභා බලසීමාව ඇතුළු කොළඹ දිස්ත‍්‍රික්කයේ ඩෙංගු පාලනය නොකර ඩෙංගු මර්දන කටයුතු සිදුකළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මේ වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බවයි.
කළපු ජලය සහ ළිං ආශ‍්‍රිතව ද ඩෙංගු ව්‍යාප්ත වන බැවින් ඊට විකල්ප සෞඛ්‍ය අමාත්‍යාංශය සතු නොවන බව ද, ඔහු ප‍්‍රකාශ කළා.
මදුරු මර්දන ආඥා පනතට සංශෝධන ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් නොහැකි වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
