කොටි සාමාජිකයන් 130 ක් ජාතික ක‍්‍රීඩා සංචිතයට.
2012 ජූනි 20 බදාදා- පස්වරු 02:08
පුනරුත්ථාපනය කරනු ලැබූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 131 දෙනෙකු ජාතික ක‍්‍රීඩා සංචිතයට ඇතුළත් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ යටතේ ක‍්‍රීඩා ඉසව් 12 ක් සඳහා මොවුන් යොමුකරනු ඇති. මෙම පිරිස ඉලක්කයට වෙඩි තැබීම, වොලිබෝල්, පාපන්දු, බැඞ්මින්ටන්, පිහිනුම්, මළල ක‍්‍රීඩා, බර ඉසිලීමේ සහ කරාටේ ක‍්‍රීඩා සඳහා යොමු කෙරෙන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළා. ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීරගේ අධීක්ෂණය යටතේයි මෙම වැඩසටහන කි‍්‍රයාත්මක වන්නේ.
