Hirunews Logo
243+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C.
Wednesday, 20 June 2012 - 18:24
243 කට රටින් පිටවන ලෙස නියෝග.
15

Shares
1,871

Views

ශ්‍රී ලංකාවේ රැඳී සිටින සරණාගතයින් 243 දෙනෙකුට දින 14 ක් තුළ දිවයිනෙන් පිටවන ලෙසට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ලිඛිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඒ බව තහවුරු කළා. මෙම පිරිස 2005 වසරේදී විදේශ අමාත්‍යාංශය සහ ජගත් සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අතර අත්සන් කර ඇති ගිවිසුම උල්ලංඝනය වන පරිදි කටයුතු කිරීම මෙම තත්ත්වයට හේතුවයි. අදාළ උපදෙස් නොතකා ඔවුන් විවිධ රැකියාවල නිරතවීම, පදිංචි ස්ථාන වෙනස්කිරීම සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවල නිරතවීම යන කරුණු හේතුවෙන් මෙම ගිවිසුම උල්ලංඝනය වී තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා සඳහන් කළේ අදාළ උපදෙස් පිළිගනිමින් එක් සරණාගතයෙකු දිවයිනෙන් පිටවීමට දැනටමත් කැමැත්ත පළකර ඇති බවයි.

 
කෙසේ වෙතත් මේ පිළිබඳව රජය සමග තවදුරටත් සාකච්ඡා කරන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ, කොළඹ මාධ්‍ය ප්‍රකාශිකා සුලක්ෂණා පෙරේරා සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,050 Views
56,380 Views
Top