තේ හානි අවම කරගැනීමට අළුත් වැඩපිළිවෙලක්.
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:38
තේ නිෂ්පාදනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කරගැනීමට තේ මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. දැනට තේ දලූ ප‍්‍රවාහනයේදී සියයට 30 ක් පමණ දළු හානියට පත්වන බවයි අනාවරණය වී ඇත්තේ. එය ලෝක වෙළඳපලට ඉදිරිපත් කිරීමේදී මිළ ගණන් අඩුවීමට එක් කරුණක් ලෙස බලපානු ලබනවා. එබැවින් ලෝක වෙළඳපළේ ඉහළ තරඟකාරීත්වයක් මෙරට තේ සඳහා ලබාගැනීම සඳහා අලෙවිකරුවන් දැනුවත් කිරීමටයි තේ මණ්ඩලය තීරණය කර ඇත්තේ. ඒ අනුව නිසියාකාරව තේ ප‍්‍රවාහනය කරන වෙළඳුන්ට පමණක් තේ වෙළඳ බලපත‍්‍රය ලබාදීමටයි මින් ඉදිරියට පියවර ගන්නා බව තේ මණ්ඩලය පවසනවා.
