ෂාරුක් කැමති වෙයිද?
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පෙරවරු 08:30
ඔබට මතකද ෂාරුක් ඛානුයි සල්මන් ඛානුයි එකම කැමරාවක් ඉදිය එකට ඉන්නවා දැකපු අන්තිම දවස. ඒ දවස මතක් කරගන්න එකනම් ලේසි වෙන එකක් නෑ. හැබැයි ළඟදීම දවසක මේ දෙන්නව එකම තිරයකදි අපිට ආපහු දකින්න ලැබෙනවා. ෂාරුක් ඛානුයි කත‍්‍රිනා කයිෆ්යි මේ දවස්වල රඟපාන්නේ යශ් චොප්රා අධ්‍යක්‍ෂණය කරන අලූත්ම චිත‍්‍රපටියේ. එතකොට කත‍්‍රිනා කයිෆ් සල්මන් එක්ක රඟපාපු එක් දා ටයිගට් චිත‍්‍රපටිය තිරගත වෙන්නේ අගෝස්තු 13. ඉතින් යශ් චොප්රා තීරණය කරලා ඔහුගේ අලූත් චිත‍්‍රපටියේ පූර්ව ප‍්‍රචාරකපටය ඒක් දා ටයිගර් චිත‍්‍රපටය ඇතුලතම ප‍්‍රචාරය කරන්න.
ඒ කියන්නේ ෂාරුක් ඛාන්ටත් තමන්ගේ අලූත්ම චිත‍්‍රපටියේ ප‍්‍රචාරක පටිය දැකගන්න වෙන්නේ සල්මන්ගේ එක් දා ටයිගර් චිත‍්‍රපටිය බලන්න ගියොත් විතරයි.
