එළවළු මිල ගණන් යළිත් ඉහළට.
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පස්වරු 12:41
දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් නැවතත් ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල, තඹුත්තේගම, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවලින් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව තහවුරු වුණා. මේ අනුව සියයට 30 ත් 50 ත් අතර මිලකින් එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි එහි ප‍්‍රකාශකයන් සඳහන් කළේ. බෝංචි, අමු මිරිස්, ලීක්ස්, අර්තාපල්, රාබු ආදී එළවලූ මිල මේ ආකාරයෙන් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසවලට සාපේක්ෂව එළවළු ලැබීමේ අඩුවක්ද පවතින බවයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් සඳහන් කළේ.
