ශී‍්‍ර ලංකා වියට්නාම වෙළඳ ගණුදෙනු ඉහළට.
2012 ජූනි 22 සිකුරාදා- පස්වරු 01:43
ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ ගණුදෙනු වර්ධනය තිබෙනවා. මේ වසරේ මුල් කාර්තුව තුළ දෙරට අතර වෙළඳ හුවමාරුවේ වටිනාකම ඩොලර් මිලියන 27.6 ක්. එය පෙර වසරට සාපේක්ෂව 81% ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි. මේ වසරේ මුල් මාස 03 තුළ වියට්නාමය, ශී‍්‍ර ලංකාවෙන් ඩොලර් මිලියන 10.1 ක භාණ්ඩ මිලදී ගෙන ඇති අතර ශී‍්‍ර ලංකාව, වියට්නාමයෙන් මිලදී ගත් භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 17.5 ක්. පසුගිය වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වියට්නාමයේ සංචාරය කිරීම සහ වියට්නාම ජනපතිවරයා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවීමෙන් පසු දෙරට අතර වෙළඳාම මෙලෙස ඉහළ ගොස් ඇති බව සඳහන්.
