පළමු දිනය අවසන්. - ශ‍්‍රී ලංකාව 300/2යි.
2012 ජූනි 22 සිකුරාදා- පස්වරු 06:38
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තාන අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අද (22) නිමාවට පත්වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 2ක් දැවී ලකුණු 300ක් ලබා සිටියා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් ලකුණු 101ක් ලබා ගත් අතර, නොදැවී ක‍්‍රීඩා කරන කුමාර් සංගක්කාර ලකුණු 111ක් සහ මහේල ජයවර්ධන ලකුණු 55ක් ලබා සිටිනවා. තරංග පරණවිතාන ලබා ගත්තේ ලකුණු 24ක් පමණයි. පන්දු යැවීමේ දී සයිඞ් අජ්මාල් දැවී ගිය කඩුලූ දෙකම ලබා ගත්තා.
