සංචාරකයන්ගෙන් ලංකාවට මිලියන 399ක්.
2012 ජූනි 23 සෙනසුරාදා- පෙරවරු 07:55
මේ වසරේ මුල් මාස 5 තුළ ශ‍්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 399.3ක් උපයා තිබෙනවා. එය පෙර වසරට සාපේක්ෂව 25.5 % ඉහළ යාමක්. වසරේ මුල් මාස 5 තුළ ශ‍්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් තුන්ලක්ෂ 87,622ක් පැමිණියා. එය ද පෙර වසරට සාපේක්ෂව 18.2 % වර්ධනයක්. දශක 3ක් තිස්සේ මෙරට පැවැති යුද්ධය 2009 වසරේ දී අවසන්වීමත් සමගම සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් දක්නට ලැබෙනවා. වසරේ මුල් මාස 5 තුළ සංචාරක ව්‍යාපාරයෙන් ශ‍්‍රී ලංකාව ලද ආදායම රුපියල් අගයෙන් සැලකූ විට රුපියල් බිලියන 49.14ක්. එය පෙර වසරට සාපේක්ෂව 39.8 % වර්ධනයක් ලෙස සැලකිය හැකියි. රුපියලේ අගය අව ප‍්‍රමාණවීම ද මෙම වර්ධනයට බලපා තිබෙනවා.
