දකුණු කොරියාව ඇමරිකාව සමග යුද අභ්‍යාසයක.
2012 ජූනි 23 සෙනසුරාදා- පෙරවරු 10:51
දකුණු කොරියාව සහ ඇමරිකාව උතුරු කොරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (22) දැවැන්ත යුද අභ්‍යාසයකට එක්වුණා. ඒ සඳහා ජීව උණ්ඩ සහ ගිනි අවි යොදා ගැනීම විශේෂත්වයක්. උතුරු කොරියාවෙන් එල්ල වන ප‍්‍රහාරයකට මුහුණ දීම සඳහා පෙරහුරුවක් ලෙස මෙම අභ්‍යාසය පැවැත්වූ බවයි දකුණු කොරියාව ප‍්‍රකාශ කළේ. ඒ සඳහා හමුදා සෙබලූන් 2000කට අධික සංඛ්‍යාවක් මෙන්ම ජෙට් ප‍්‍රහාරක යානා, යුද ටැංකි ඇපාචි ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා, ඒ 10 වර්ගයේ යුද ටැංකි නාශක ගුවන් යානා, මිසයිල සහ මල්ටි බැරල් ද යොදා ගැනෙන බව සඳහන්. දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා අද (23) සිට දින තුනක් තවත් යුද අභ්‍යාසයක් පැවැත්වීමට නියමිතයි. මතභේදයට තුඩු දුන් කහ මුහුදේ මෙම අභ්‍යාසය පැවැත්වෙන්නේ කොරියානු යුද්ධයේ 62 වැනි සමරුව නිමිත්තෙන්.
