රතු කමිසකරුවන් යළි වීථි බසී.
2012 ජූනි 23 සෙනසුරාදා- පෙරවරු 10:53
තායිලන්තයේ හිටපු අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රාට සහාය පළ කරන රතු කමිස ආධාරකරුවන් බැංකොක් අග නුවර දී හෙට (24) නැවතත් විරෝධතාවක නිරත වනවා. ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි. ඔවුන් මෙම විරෝධතාව පවත්වන්නේ අරමුණු දෙකක් මුල් කරගෙනයි. ඉන් පළමුවැන්න තායිලන්තයේ රාජකීය පාලනය මීට වසර 80කට පෙර අවසන් කිරීම සැමරීම වන අතර, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයට සිදුකරන බලපෑම්වලට විරුද්ධත්වය පළ කිරීම දෙවැනි අරමුණයි. තායිලන්තයේ බලගතු හමුදා බලධාරීන් සහ අධිකරණයේ ඇතැම් කොටස් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයට බලපෑම් සිදුකරන බවට රතු කමිස ආධාරකරුවන් චෝදනා කරනවා.
