ද. අප‍්‍රිකාව බංග්ලාදේශයට පරදී.
2012 ජූනි 23 සෙනසුරාදා- පස්වරු 12:43
සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී දකුණු අප‍්‍රිකාව පරදවා තියුණු ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 129ක් පමණයි. පිළිතුරු වශයෙන් බංග්ලාදේශ පිළ පන්දු වාර 19යි පන්දු 5ක දී කඩුලූ 7ක් දැවී ලකුණු 132ක් ලබමින් තරගයේ ජය හිමි කර ගත්තා. මෙය දකුණු අප‍්‍රිකාව තුන්කොන් තරගාවලියේ දී ලැබූ දෙවැනි පරාජයයි. ඊට පෙර දකුණු අප‍්‍රිකාව, සිම්බාබ්වේ පිළ අතින් ද පරාජයට පත්වුණා.
